2 com

සිනමාහල් සංස්ථාවට ගෙන මුදල් බහිරවයාට බිලිදීම

මෝඩයාගේ දවසේ – මෝඩයාගේ ගිවිසුම

ජාතික චිත්‍රපට සංස්ථාව දලූගම පිහිටි කොන්ට්‍රාස් සිනමා ශාලාව වසර 10ක් සදහා සංස්ථාවේ පාලනයට පවරා ගැනීමේදී විශාල මූල්‍ය අක්‍රමිකතාවයක් සිදුවී ඇතැයි විගණන වාර්තා පෙන්වාදෙයි. 2003 වසරේදී සිදුවූ මෙම ගනුදෙනුව පිළිබඳව විගණකාධිපති දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති වාර්තාවකින් පෙනී යන්නේ මෙම ගනුදෙනුව පිටුපස විශාල වංචා හා දූෂණ තිබිය හැකි බවයි. 2003 අප්‍රේල් 01 වැනිදා එනම් මෝඩයන්ගේ දිනයේදී චිත්‍රපට සංස්ථාව ඔලමොට්ටල ගිවිසුමක් අත්සන් කොට ඇත. ඒ අනුව ජාතික චිත්‍රපට සංස්ථාවත් කොන්ට්‍රාස් සිනමා ශාලාවේ පාලනාධිකාරියත් අංක 11 දරණ බදු ගිවිසුම අනුව වසර 10ක් සදහා සිනමාහල සංස්ථාවේ පාලනයට පවරා ඇත. ඒ රුපියල් 86,49,792 ක සම්පූර්ණ බදු මුදලකට වන අතර සංස්ථාව එය වාරික 120කින් පාලනාධිකාරියට ගෙවිය යුතුය.

මිලියන ගණනක අලූත්වැඩියාව

බදු ගැනීමෙන් පසු තමන්ට සිනමාහල අයිතිවන්නේ වසර 10කට පමණක් වුවත් වසර සිය ගණනකට අවශ්‍ය අලූත්වැඩියා සහ දේපල මිලදී ගැනීම් වෙනුවෙන් සංස්ථාව අත දිගහැර වියදම් කොට ඇත. මුලින්ම ශාලාවේ අලූත්වැඩියා කටයුතු සදහා රුපියල් 36,05,000.00 ක මූලික ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළමුත් එය මිල අධික බව පවසා 2003 ජුනි 26 වැනිදා අංක 1011.4.1 දරණ තීරණය මගින් අධ්‍යක්ෂක මණ්ඩලය එය ප්‍රතික්ෂේපකර ඇත. ඉන් පසුව වියදම රුපියල් 20,05,000.00ක් ලෙස සංශෝධනය කොට 2004 පෙබරවාරි 18 වැනිදා අධ්‍යක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කොට ඇත. නමුත් අංක 1019.5.1.4 දරණ තීරණය යටතේ එයද අධ්‍යක්ෂක මණ්ඩලය ප්‍රතික්ෂේපකර තිබේ. නමුත් අධ්‍යක්ෂක මණ්ඩලයේ කිසිදු අනුමැතියකින් තොරව සංස්ථාවේ බලධාරීන් රුපියල් 13,41,257.00ක වියදමින් අලූත් වැඩියා කටයුතු සිදුකර ඇත. පහත දැක්වෙන්නේ එසේ කරනු ලැබූ වියදම් විගණන වාර්තාවේ සටහන්වී තිබූ ආකාරයයි.
Bill-1


මීට අමතරව සිනමාහලේ බැල්කනිය සදහා ඉන්දියාවෙන් පුටු 550 ක් ගෙන්වීමට රුපියල් මිලියන 2.9 කට අධික මුදලක් වැය කිරීමට පියවර ගෙන තිබිණි. නමුත් නියමිත දිනට භාණ්ඩ නොලැබීම නිසා ණයවර ලිපිය අවලංගු වීමෙන් එම මිලදී ගැනීමට සිදුකළ නොහැකි විය. නමුත් ණයවර ලිපිය වෙනුවෙන් සංස්ථාව ගෙවා තිබූ රුපියල් 14,678.13 ක මුදල සංස්ථාවට අහිමිවිය.

ටෙන්ඩර් නැති ගනුදෙනු

මෙසේ සිදුකරන ලද අලූත්වැඩියාවන් බොහොමයක් සදහා ටෙන්ඩර් මණ්ඩල අනුමැතිය ලබාගෙන නොමැත. අලූත්වැඩියාවන් සදහා පමණක් නොව සිනමාහල බදුගැනීමේ ගනුදෙනුවද ටෙන්ඩර් මණ්ඩල අනුමැතිය ලබාගෙන නොමැත. එය රුපියල් මිලියන 8 ඉක්මවා යන බැවින් එවැනි ගනුදෙනුවකට අනුමැතිය අත්‍යවශ්‍යවේ. එමෙන්ම මෙවැනි විශාල පරිමාණයේ ගනුදෙනුවකදී රේඛීය අමාත්‍යංශ ලේකම්තුමාගේ උපදෙස් ලබාගත යුතුය. නමුත් සංස්ථාවේ බලධාරීන් ඒ කිසිවක් සිදුකර නොතිබිණි.

අලූත්වැඩියාවන් සදහා සහ මිලදී ගැනීම් සදහා ටෙන්ඩර් මණ්ඩල අනුමැතිය ලැබී තිබුණේ,

01. වැසිකිලි අලූත්වැඩියාව සහ අලූතින් තැනීම

02. සිවිලිම අලූත්වැඩියාව

03. බැල්කනි පුටු මිලදී ගැනීම

යන ගනුදෙනු සදහා පමණි. පහත ගනුදෙනු එකක්වත් සදහා ටෙන්ඩර් මණ්ඩල අනුමැතිය ලබාගෙන නොතිබිණි. එසේ අනුමැතියෙන් තෙරව කළ කාර්යයන් අතර වර්ණාලේප කිරීම, දොර රෙදි දැමීම, විදුලි පංකා මිලදී ගැනීම, මත්පැන් හල ඉදිකිරීම, ආපන ශාලාව ඉදිකිරීම ආදී ගනුදෙනු ගණනාවක් වේ. ප්‍රක්ෂේපණ යන්ත්‍ර අලූත්වැඩියාවට සහ ශබ්ද උත්පාදක යන්ත්‍ර මිලදී ගැනීම ආදියටද ටෙන්ඩර් මණ්ඩල අනුමැතිය ලැබී නොතිබිණි. සංස්ථාවේ නිලධාරීන් මේ ගැන ඉදිරිපත් කරන නිදහසට කරුණ වන්නේ මෙම වියදම් සදහා රුපියල් 7,68,506.00ක මුදලක් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මුදල්) විසින් අනුමත කර ඇති බවය. නමුත් ඔහුට අනුමැතිය දිය හැක්කේ රුපියල් 25000.00ක උපරිමයක් දක්වා පමණි. පැහැදිලිවම ඔහු සිය බලතල ඉක්මවා කටයුතු කර ඇත.

ටෙන්ඩර් කැදවා ඇති ආකාරයද සැක සහිතය. එක් එක් කාර්යයන් සදහා පිරිවැය ඇස්තමේන්තු සකස්කර නොතිබිණි. මිල ගණන් කැදවීමේදී ප්‍රමාණවත් සැපයුම්කරුවන් සංඛ්‍යාවකගෙන් මිල ගණන් කැදවා නොතිබිණි. ලැබුණු ටෙන්ඩර් ප්‍රමාණවත් ඇගයීමකට ලක්කර නොතිබිණි. එබැවින් මෙය පිටුපස දැවැන්ත ටෙන්ඩර් මගඩියක් ඇති බව පැහැදිලිය.

අරමුණ කුමක්ද?

මෙම ගනුදෙනුවේ ඇති විශාලම ප්‍රශ්නය වන්නේ දලූගම කොන්ට්‍රාස් සිනමා ශාලාව බදු ගැනීමට හේතුව කුමක්ද යන්නයි. ඒ සදහා කිසිදු පිළිගත හැකි හේතුවක් නැති බව විගණන වාර්තාව පවසයි. අනෙක් අතින් බදු ගිවිසුමේ සදහන් වන්නේ බදු කාල සීමාව තුළ සිනමා හල යහපත් ලෙස නඩත්තු කළයුතු බව පමණි. නමුත් ස්ථිර වත්කම් එකතු කිරීම සදහා සංස්ථාවේ මුදල් වැය කළේ මන්දැයි පැහැදිලි නැත. අනෙක් අතට කල් පවත්නා ඉදිකිරීම්, අලූත්වැඩියා සහ නව උපකරණ සවි කිරීම් වෙනුවෙන් සංස්ථාව වැයකරන මුදල් ආපසු අයකර ගැනීමට කිසිදු කොන්දේසියක් බදු ගිවිසුමේ නොමැත. එබැවින් මෙම වියදම් සියල්ල සංස්ථාවේ මුදලින් සිනමාහල අයිතිකරුට ලබා දුන් ත්‍යාගයක් පමණක් බව පෙනේ. මෙම සමස්ථ කාර්යය සදහා කිසිදු නිල අනුමැතියක් ලබා ගෙන නොමැති අතර එය සභාපතිවරයාගේ හිතුවක්කාර තීරණයකි.

පාඩු ලබන සිනමාහල් ගැනීම

මීට අමතරව 2003 අගොස්තු 01 දා සිට දිවුලපිටියේ සත්සරී සිනමාහල වසර 10ක කාලයකට රුපියල් 25000.00 ක මාසික කුලියකට බදු ගෙන ඇත. බදුගන්නා අවස්ථාවේදීත් එම සිනමා ශාලාව පාඩු ලබමින් පැවතී ඇත. පාඩු ලබන සිනමාහලක් බදු ගැනීමට සංස්ථාව තීරණය කළේ කුමක් නිසාද? විගණන වාර්තාවේ සදහන්වන අන්දමට 2003 අගොස්තු සිට 2004 මැයි දක්වා එම සභාපතිවරයාගේ පාලන කාලය තුළ මෙම සිනමාහල නිසා සංස්ථාවට රුපියල් 3,12,789.45 ක පාඩුවක් සිදුවී තිබිණි. එම පාඩුව අවමකර ගැනීමට හෝ සිනමාහල නගා සිටුවීමට කිසිදු පියවරක් ගෙන නොතිබිණි. මෙම තීරණය නිසා සිදුවූයේ සංස්ථාව මූල්‍යමය වශයෙන් තව තවත් ආගාධයට ඇද වැටීම පමණි. මෙම ගනුදෙනුව පසුපස වංචාවක් ඇතැයි සැක සිතීමට ප්‍රධාන හේතුවක් වන්නේ එම සිනමාහලට මැදිහත්වීම සදහා සංස්ථාවේ නිලධාරියකු අර්ධකාලීනව යොදවා එහි පෙර සිටි කාර්යය මණ්ඩලයම සේවයේ යොදවා ගැනීමට සභාපතිවරයා කටයුතුකර තිබීමයි.

තවත් සිනමා ශාලා බදු ගනී

එම සභාපතිවරයාගේම උපදෙස් පරිදි බණ්ඩාරණායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටි මිනි සිනමාහල මසකට රුපියල් 90,000.00 බැගින් කුලී ගෙවීමේ පදනම මත කුලියට ගෙන තිබිණි. ආසන 250 ක එම කුඩා සිනමාහල විශාල මුදලකට කුලියට ගෙන තිබුණේ 2003 ජුනි 01 දා සිටය. නමුත් 2003 මැයි සිට දෙසැම්බර් දක්වා එහි චිත්‍රපට ප්‍රදර්ශණය කර දෙසැම්බර් මාසයෙන් පසුව චිත්‍රපට ප්‍රදර්ශණය අත්හිටුවා තිබිණි. මෙම සිනමාහල බදු ගැනීමට හේතුව කුමක්දැයි පැහැදිලි නැත. එම තීරණය ටෙන්ඩර් මණ්ඩලයේ අනුමැතියට ලක්කර නැත. මෙම කාලය තුළ සිනමා ශාලා කුලිය වශයෙන් රුපියල් 5,70,000.00ක්ද ප්‍රචාරක වියදම් සදහා රුපියල් 5,63,912.50ක්ද ලිපි ද්‍රව්‍ය සදහා රුපියල් 1127.20ක්ද වියදම්කර ඇත. ආදායම් ලැබී ඇත්තේ රුපියල් 24,360.54ක් පමණි. ඒ අනුව මෙම ගනුදෙනුව නිසා චිත්‍රපට සංස්ථාවට සිදුව ඇති පාඩුව රුපියල් 8,91,979.00කි. පහත දැක්වෙන්නේ එක් එක් මාසය තුළ එම පාඩුව සිදුවූ ආකාරය විගණන වාර්තාවේ සදහන්ව තිබූ අයුරුයි.
Bill-2

එවකට පැවැති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පත් කළ චිත්‍රපට සංස්ථා සභාපතිවරයා විසින් සිදුකරන ලද මෙවැනි ගණුදෙනු ගණනාවක් බරපතල සැකයකට තුඩුදී ඇත. මේවා නිසා අති විශාල මුදලක් සංස්ථාවට අහිමිවී ඇති අතර මෙය පිටුපස තව කොපමණ වංචා තිබේදැයි තවමත් හෙළිදරව්වී නැත. නමුත් විගණන වාර්තාව පෙන්වා දෙන්නේ මෙම දූෂිත ගනුදෙනු නිසා ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථාව අති විශාල බිද වැටීමකට ලක්ව ඇති බවයි. මෙසේ මහජන මුදල් කාබා සිනියා කිරීමට හවුල්වූ කිසිවෙකුට දඩුවම් ලබා දීමට ක්‍රියාකර තිබේද. එය ප්‍රශ්ණයක් ලෙස තිබේ.



රාජ්‍යන්ගේ බලපෑම් සමඟින් චිත්‍රපටි වාරණ කරමින්ද, ගාස්තු වැඩි කිරිමින්ද, සිනමා ශාලාද වසා දමමින්ද, හිත මිතුරන්ට සිත්සේ ණය දෙමින්ද වුවද කලාත්මක හා වැදගත් සිනමා කෘති වර්තමානයේදී දුර්භල වු ලංකේය සිනමා කර්මාන්තයේ එක් සිනමා ශාලාවක්ට සිදු වු දුෂණ පසුපස තවත් දුෂණ ඇතැයි අපට රතු එළියක් පෙන්වනවා නෙවේද?


ලිපිය උපුටා ගැනුම AniCorruptSL අඩවියෙනි.

(පසු සටහන) මෙම සිදුවීම ගැන දැනට ලියැවී ඇති ලිපි ,


ඉතිරිය කියවන්න »»
8 com

කොමඩි විනිසුරුවන්ගේ හැඳි මිටේ නුවණ

පූජා දිසානායක
at විකල්ප
ImageHost.org
 

පිට කොටුවෙන් තමාට ගැලපෙන රොබෝ කාන්තාවක් මිල දී ගෙන ගිය කොමඩි ස්ටාර් කෙනෙක් කාන්තාවන් අපහාසයට, උපහාසයට, අවමානයට හා අවතක්සේරුවට ලක් කරමින් කළ, බාල බොළඳ විහිළු රස වින්ද කොමඩි විනිසුරුවන් එය ඉහළින්ම අගය කිරීම හාස්‍යජනකය. මෙය සිදු වූයේ ස්වර්ණවාහිනියේ කොමඩි ස්ටාර් වැඩ සටහනේ විනිශ්චයකදීය. එම වැඩ සටහනේ අවසන් හතර දෙනාගේ වටයේදී එක් තරඟකරුවකු ඉදිරිපත් කළ අංගය කාන්තාවන් අපහාසයට, උපහාසයට, අවමානයට හා අවතක්සේරුවට ලක් කළ අගතිගාමී එකක් විය. තමා මිල දී ගත් රොබෝ ගැහැණියගේ අංගෝපාංග ගැන විස්තර කරන ඔහු ගැහැණුන්ගේ නුවණ හැඳි මිටට සමාන කළේය. රොබෝ ගැහැණිය වගේම සැබෑ ගැහැණුන්ද හදවතක් නැති අය බව උපහාසමය ආකාරයට ඇඟවීම් කළේය. එම ආචීර්ණකල්පිත අගතිගාමී මත පුනරුච්චාරණයෙන් විනිසුරු මඩුල්ලද හොඳහැටි විනෝද වූ ආකාරයක් පෙනෙන්නට තිබිණ. එපමණක් නොව, තද කර ගත් සිනාවෙන් යුතුව ඔවූහූ තරඟකරුවාට උපරිම ලකුණු ලබා දෙමින් ඔහුගේ දක්‍ෂතාවය අගය කළහ.

විනිසුරුවන් ලෙස එදා කටයුතු කළේ රෝයිද සිල්වා, රොනී ලීච් හා කුමාර තිරිමාදුර යන තිදෙනාය. තිදෙනාම එකසේ තරඟකරුවා අගය කරමින් මුළු ලකුණුම ඔහුට ලබා දුන්හ. මේ විහිළුවේ විහිළුව ගැන මට මතක් වූයේ ඊට පෙර වැඩ සටහනකදී කාන්තාවන් අපහාසයට පත් කරන අංගයක් ඉදිරිපත් කළ තරඟකරුවකුට එදින විනිශ්චය මණ්ඩලයේ කටයුතු කළ සුමණා අමරසිංහ සහ වසන්ත මොළගොඩ යන දෙදෙනා කළ ප්‍රකාශයන් නිසාය. එදින සුමණා අමරසිංහ කාන්තාවන් අපහාසයට පත් කරන විහිළුවලට එකඟ වන්න බැරි බව කියමින් හා එවැනි විහිළුවලින් වළකින ලෙස කියමින් එම තරඟකරුවාට අඩු ලකුණු ලබා දුන්නාය. වසන්තද ඒ ආකාරයටම ප්‍රකාශ කරමින් අඩු ලකුණු ලබා දුන්නේය. අනෙක් විනිශ්චයකරුවා ලෙස කටයුතු කළේ රෝයිද සිල්වාය. එදා ඔහුද සුමණා අමරසිංහ සහ වසන්ත මොළගොඩ අනුව යමින් එවැනි විහිළුවලට එකඟ නොවන ප්‍රකාශයක් කළේය. එහෙයින් මේ කියන දිනයේ අවම වශයෙන් රෝයිද සිල්වාටවත් පෙර දිනයේ සුමණා අමරසිංහ සහ වසන්ත මොළගොඩ සමඟ දුන් විනිශ්චය මතක් වේයැයි බලා සිටියෙමි. එවැනි කිසිදු මතකයක් ඔහු තුළ නැති බවත් ඔහුද ගැහැණුන් අවතක්සේරුවට, අපහාසයට, අපහසුවට පත් කරන සමාජ නිර්මිතයේ තවත් එක් පුරුෂයකු පමණක් බව ඔප්පු කරමින් අනෙක් දෙදෙනාට සමාන වී සිටියේය. තරඟකරුවන් විනිශ්චය කරන්නන් තරඟකරුවට වැඩි ඉදිරි දැක්මක් හෝ දැනුමක් ඇත්තන් නොවන බව සනාථ කරමින්, තමාගේ උරුමයට පත් ගැහැණිය සුරතල් කළ තරඟකරුවාට එම තිදෙනාම සමාන වී සිටියහ.

මේ සිදුවීම හරහා මේ රටේ පුරවැසියන් වූ ස්ත්‍රී පාර්ශ්වය සම්බන්ධයෙන් මේ රටේ ජනමාධ්‍ය කටයුතු කරන ආකාරය හා ඔවුන්ගේ අගතිගාමී ආකල්ප ගැන දිගු කතිකාවක් කළ හැකිය. මේවා සම්බන්ධයෙන් මේ රටේ පුරවැසි ස්ත්‍රී පුරුෂයන් හඬක් නොනැගීමේ අනතුර ගැන කතා කළ හැකිය. නමුත්, අපේ පුරුවැසි සමාජයට ඉතා කෙටි ප්‍රශ්න තුනකින් දමා ගසමින් මම මගේ විරෝධය පළ කරමි. එදා වැරැද්ද පෙනුනේ කාන්තාවක් විනිශ්චය මණ්ඩලයේ සිටි නිසාද? මෙදා වැරැද්ද නොපෙනුනේ කාන්තාවක් නොසිටි නිසාද? එයින් පෙනෙන්නේ ස්ත්‍රී පුරුෂ සමබර බවක් නැති විනිශ්චය මණ්ඩල තීරණවල අයුක්ති සහගත බවද? එසේත් නොමැතිනම් මෙයට හේතුව, ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳව අසංවේදී, පුරුෂ බල පරාක්‍රමයම ක්‍රියාත්මක ජනමාධ්‍ය භාවිතාවේ ඇති සදාචාර විරෝධී බවද?
ඉතිරිය කියවන්න »»
7 com

අනේ හාමුරුදුරුවනේ...

ImageHost.org

උපාසකම්මා ඉපදුනු හීන කුලේ
මහණ කරන්නයි යන්නේ ඇගේ කොළු..
ඌට නිකායක් වෙන් කර තබා තියේ
අප මුණි බණේ ඒකද හාමුදුරුවනේ...




පිරිත් නූල් බඳිමින් ජන හතුරන්ට
යතුරු කැරළි අදනය යට ගසාගෙන..
අපවත් වෙන්න පෙර සහලේ ඥාතිවරූ
මහණ කරණ එකදැයි මුණි බණේ අණේ...



කුණු හෝදන්න මහතැන් වල අපේ රටේ
පන්සල තමුන්නැහෙගේ හොද වෙල්ලාව..
ටිකට් විකුණලා පෙරහැර කරන කොට
කරඬුවෙ ඉදීවිද ධාතුන් වහන්සෙලා...



රට දැය සමය රැක ගත්තේ චීවරයයි
රට දැය සමය සුරකින්නෙත් චීවරයයි..
එවන් සසුන සමහර හිමිවරු නසතී..
කුලගොත් ඥාති සංග්රලහ නිලතල සොයමින්...



කුඩාපොල වගේ විරු හාමුදුවරූ
අදත් අප අතර හිද මේ ලෙස කියතී..
රටකන උන්ව වනසා රට දැය රැකුම
තමයි අපෙ අද දවසේ මහණකම...


ඉතිරිය කියවන්න »»
2 com

හිතාදර හිච්කොක් වෙත,



ImageHost.org
සම්මත සිනමා න්‍යායගත කිරීම්වලට අනුව සිනමාව
අඳුරත් – ආලෝකයත් – චලනයත් අතර ක්‍රීඩාවකි.
අපගේ ඊනියා දැනුමේ ආධිපත්‍යයට පටහැනිව
අප දෙස බලා සිටින්නෙකු බලාසිටින්නේ
ආලෝකයේ සිට නොව, අඳුරු ලපයක
සිටය. එනිසාවෙන් අපගේ දැක්මට
අන්ධ ලක්ෂ්‍යක්ද ඇත.
අපගේ යථාර්ථවත් තිරය
සිදුරු කරන මේ ලක්ෂ්‍ය
පෙරලා අප දෙස බලා සිටිනා නිසා
මට මාව අහිමිවන තත්ත්වයක්
දක්වා මගේ දැක්ම අභියෝගාත්මකය.
මේ බැල්ම අයෙකුට සිය ආශාව පරිපූර්ණ
කරගැනීමට කිසිවිටෙකත් ඉඩ නොතබයි.
අප සිදුර දෙස බලන්න කරනා උත්සාහය ව්‍යර්ථ
කරමින් සිදුර නිරන්තරව චලනය වේ. ඒ අනුව
මගේ ආශාවේ චලන ආධිපත්‍ය මගෙන් පරිබාහිරය.
මෙතුවක් මා සිතා සිටියේ 'මම' සිනමාව බලනා
බවයි. නමුත් සිනමා තිරය මා දිහාද බලා සිටී. දන්
මගේ ආශාව කෙවැනිද? ආශාවන් කිසිවිටෙකත් පරිපූර්ණ වේද?
යන ගැටලූව දැන් ජිජැකියානු පරාවර්තනයකින්
මෙසේ විමසීමට හැක. ආශා කරන්නේ කෙසේදැයි අපි දන්නේද?
සිනමාව අපිට ආශාකරන හැටි කියාදෙනවා ද?

මීට,
ලූමියර් දරුවන්.


උපුටා ගැනීම පෙරදිග සුළං සඟරාවෙනි.
ඉතිරිය කියවන්න »»
4 com

(කල්පනා) අභිනික්මනය by ප්‍රීතී රන්දෙණිය



ImageHost.org
නොඅසන්න හිමි සඳේ...
සැරසෙන්නෙ කිම මෙසේ...
ඔබෙ සිරගෙයින් මිදී...
යමි යලි නො එන සේ...
නොකියන්න යළි යළි... නවතින්න පෙර ලෙසේ...
ඔබෙ නපුරු කුරුරු කම්...
විඳවූ තරම් ඇතී...

ගිනි පුපුරු වදන් වැල්...
සිත දෙපලු කරන කල්...
එක් වදන හෝ නැතා...
සිත බිඳෙනු අස්වසා..
සිප ගත්ත දෙපතුලේ...
අත් පහර රිදුම් දේ...
මේ කඳුළු තිලිණ මල්...
ඔබ දුන් තරම් ඇතී...

කුල ගෙදර රකිනටා...
මා සිරුර දව දවා...
අළු වුණත් පිච්චිලා...
ඔබ නෑ වෙනස් වෙලා...
ඔබට වැරදුනේ...
නෑ මටයි වැරදුනේ...
මින් මනත මගතොටේ...
ඉමු දුටු නොදුටු සේ...


පද රචනය : ප්‍රීතී රන්දෙණි
උපුටනය : රනිල් ගුණසේකරගේ "කල්පනා" සටහන් පෙලින්.
ඉතිරිය කියවන්න »»
“දෑසින් වැගිරෙන කඳුලක් පිටුපස දිග කතාන්දර වෙයි. දුක, කළකිරීම, පසුතැවීම, නිදහස, ආත්මානුකම්පාව, සැනසීම, විඳවීම, කේන්තිය, වෛරය, අසරණකම වැනි දහසකුත් එකක් හැඟීම් ඒ කඳුළු වල මිශ්‍ර වී ඇත. කඳුළු දෙස බලන්නට කෙනෙකු නැතිඳු ගලන කඳුළු ජීවිතයේ නපුරුම, අවාසනාවන්තම, කාළකණ්නිම කඳුළු යැයි මට සිතේ”